මීගමු පුරයට ඇති ඓතිහාසික පසුබිම දන්නෝද අල්ප වෙති. ගැමුණු කුමරුන් පිළිසිඳගත් කල විහාර මහා දේවියගේ දොල දුක් සනහනු වස් සියක් රියනක් දිග මී වදයක් ලැබුනේ මීගොමුව හෙවත් මීගමුවෙනි. එසේම කඩොල් ඇතා හමු වුයේද මීගමුවේ කඩොල් කැළේ ප්‍රදේශයෙන් බව කියැවේ. මෑත අතීතයෙහිද මීගමුවෙන් යුග පුරුෂයෙක් පහළව දැවැන්ත මෙහෙරවක් කොට තුරුණු වියෙහි ම නික්ම ගියේය.
1876 ජුලි 9 වැනි දින ඉපිද, ධර්මපාල තුමන් මග යමින් රටට දැයට සමයට මහා යුග මෙහෙවරක් කොට වසර තිස් හතක් ආයු වළඳා 1913 සැප්තැම්බර් 13 වැනි දින වියෝ වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමන් දිවි ගෙවූ නිවස මීගමුවේ කොප්පරා හන්දියෙන් හැරී කිලෝමීටර 2 ගිය තැන, දිවුලපිටිය සහ මීරිගම මාර්ග දෙක වෙන් වන ස්ථානයේ පිහිටා ඇත.
එතුමා කල සෙසු මෙහෙයන් නොව, අනුරාධපුරය වඳින්නට යන කී දෙනකු, අනුරාධපුර පුදබිම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලබාගෙන පුජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට එතුමා කළ කටුක අරගලය දන්නේදැයි සැක සහිතය. එතුමා නොසිටින්නට අනුරාධපුර පින් බිම මේ හැටියෙන් අපට දැක බලා ගැනීමට නොලැබිය හැකිව තිබිණි. එහෙත් එතුමන් යටතේ සිදු වූ ඇතැම් කටයුතු, උදා: රුවන්මැලි සෑය ප්රලතිසංස්කරණය, පුරා විද්‍යා ශාස්ත්‍රීය නියමයන්ට පටහැණි බවට විවේචනයක්ද වෙයි.
එතුමා වියෝ වූ විට, ධර්මපාල තුමා පැවසුවේ, මේ අකල් මරණය තමන්ට අත් වී, හරිස්චන්ද්‍රතුමන් ජීවත් වූයේනම් වඩා හොඳ බවය.
No comments:
Post a Comment