Showing posts with label හුණුගලාගල. Show all posts
Showing posts with label හුණුගලාගල. Show all posts

Tuesday, July 5, 2016

පන්දහස් වසකට පෙර තිඹිරි ගෙයි චාරිත්‍ර

(උපුටා ගැනීම ලංකාදීප 2013 අගෝස්තු 26)

හල්දුම්මුල්ල වෑ එළියේ හුණුගලාගල ගුහාවේ කැණිම් වලින් සොයා ගන්නා ළඳ ගර්භනීභාවය හා දරු ප්‍රසුතිය සම්බන්ධව යාතු කර්ම එවැනි විස්වාස වසර 5,000 කට පෙර පැවති බව පෙනේ යැයි පුරා විද්‍යා විශේෂඥයින් හදුනාගෙන ඇතැයි කැලණි විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේය මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
මෙම කැණිම් වලදී මුලින්ම හමුවු ඇඹරුම් ගල් ,වළං කැබලි,ගිනි අවුලුවා ගැනීමට යොදා ගත් බවට සිතිය හැකි මැද සිදුරු සහිත රවුම් ගල් වසර 5,000 ක් පමණ පැරැණි තාක්ෂණික මෙවලම් බවට විද්‍යාත්මක තහවුරුවක් ලැබුණු බව රාජ් සෝමදේව මහතා පැවසීය.

එවැනිම කාල වකවානුවක් පියයයුරු සහිත උඩු කය රූපයක් පැරණි බව කිව හැකි කාන්තා යටි කය රූපයක් ගලේ නෙලන ලද මිනිස් හිසක රූපයක් මෙහි තිබී හමු වී තිබේ. මහාචාර්ය රාජ් සෝමදේව මෙසේද කීයයි.

"කඳුකර ප්‍රදේශවල පළමුවරට කෘෂි කාර්මික දිවි පෙවතකට හුරු වීමට තැත් කළ ආදී ගොවියාගේ සිතිවිල්ල හා චර්යාව පැහැදිලි කැර ගැනීමට ඉවහල් වන සාක්කි මෙහිදී වැදගත් වෙනවා.

ඒ ප්‍රජාවට අයත් යාතු කර්ම අදහස්, විශේෂයෙන් කාන්තා බව නිරූපනය කරන සංකේතාත්මක නිරූපන, කාන්තා උඩුකය රූපයක්, -කාන්තා යටි කය රූප මෙම ගුහාවෙන් සොයා ගෙන ති‍බෙනවා.

මුලික ගොවිතැනේ යෙදුණු අය යම් යම් යාතු කර්මයන් හි යෙදුණු බව සාක්කි හමු වුණා. විශේෂයෙන්ම මෙම යාතු කර්ම ගර්භනී භාවය හා දරු ප්‍රසුතිය පිළිබඳව ඒවා බවට විශේෂඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා.
ඊට අමතරව තවත් සංකේතාත් මක නීරූපන කිහිපයක් එනම් පිරිමි පෞරුෂය හා සම්බන්ධ ඒවා .ගලින් තැනු වෙස් මුහුණු සොයා ගත්තා.

මෙම ගුහාවෙන් මුලික ආගමික අදහස් වර්ධනය වීමේ පසු බිමක් ගැනත් කියන්න පුළුවන්.මේ නිසා ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසය හදාරන්නවුන්ට විශේෂ මඟ පෙන්වීමක් සිදු කරනවා.

මෙතෙක් කල් ශ්‍රී ලාංකික පුරා විද්‍යා නිමිත්තක් නොවුණු සංස්කෘතික අවධියක් පිළිබඳව පැහැදිලි සාක්කි තියෙනවා. එය දේශිය සංස්කෘතියය වර්ධනය පිළිබඳව විශ්වාස කරන ශ්‍රී ලාංකිකයින්ට සුබදායී පණිවිඩයක්".