(උපුටා ගැනීම: ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවලින් හෙළිවන මානව අයිතිවාසිකම්, ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ)
දුටුගැමුණු, බුද්ධදාස, දෙවැනි උපතිස්ස, දෙවැනි දප්පුල, මහ පැරකුම්බා ආදී පාලකයන් දිවයින පුරා වෛද්යැශාලා පිහිටුවා, වෛද්යෙවරුන් ඇතුළු නිලධාරීන්ට වැටුප් දී, මෙරට සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ප්‍රයත්න දැරූ බව වංසකතාදියෙන්ද තහවුරු වේ. දුටුගැමුණු රජු අටළොස් තැනක ආරෝග්‍යශාලා කරවා, වෛද්‍යවරුන්ට භාණ්ඩාගාරයෙන් මිල දී රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා, වෙදුන් කී අයුරට නිරතුරුවම බත් දුන් බවත්, සියලු ගර්භණි කාන්තාවන්ට මිරිස් ලුණුද, ප්‍රසව කරවූ වින්නඹුවන්ට පිළිද, භාණ්ඩාගාරයෙන් දුන් බවත් ථුපවංශය සඳහන් කරයි. බුද්ධදාස රජ දිවයින පුරා ගම දහයකට වෛද්‍යවරයකු බැගින් පත් කර ගමක් පාසා ආරෝග්‍යශාලා ඉදි කළ බව ද මහා වංශයේ සඳහන් වේ. පස්වැනි කාශ්‍යප රජ දවස ඉලංග නම් සෙන්පති, අනුරපුරයේ හා පොළොන්නරුවේ වෛද්‍යශාලා කරවූ බවද, පැරකුම්බා රජු සිය ගණනක් රෝගීන් වෙනුවෙන් මහා ශාලාවක් කරවා ඔවුන්ට අහාර පානද වෛද්‍යවරුන්ට වැටුප්ද දුන් බව මුලාශ්‍රගත තොරතුරුවලින් හෙළි වේ.
ක්‍රි පු 3 වැනි සියවස පමණ සිට විද්‍යමාන ශිලා ලේඛනවලින්ද මෙරට පැරණි සෞඛ්‍ය සේවය පිලිබඳ තතු අනාවරණය වේ. එසේ වුවද, වෛද්‍ය සේවය සම්බන්ධයෙන් අනුරාධපුර පශ්චාත් අවධියේ ශිලා ලේඛනවලින් තරම් දීර්ඝ විස්තර ක්‍රි පු 3 - ක්‍රි ව 1 සියවස අතර ලියැවී ඇති ලෙන් ලිපි කිහිපයකම වෛද්‍යවරුන්ගේ නම් සටහන් වී ඇත. ගමිණි තිස්ස රජුගේ වෛද්‍යවරයකු වූ බ්‍රාහ්මණ ගෝභූති, තිස්ස සහ මිත්‍ර යන වෛද්‍යවරුන්ගේ නම් ඒ අතර වේ. මෙහි පළමු නම සඳහන් තැනැත්තා රාජකීය වෛද්‍යවරයකු බව සඳහන් වේ. අනෙක් දෙදෙනා සාමාන්‍ය වෛද්‍යවරුන් ලෙස සිතිය හැක්කේ රාජකීය වෛද්‍ය සේවාවට ඔවුන්ගේ සම්බන්ධයක් ඇතැයි ලිපිවලින් හෙළි නොවන බැවිනි. ඒ අනුව අතීතයේ සාමාන්යය වෛද්‍ය සේවාවට අන්‍යතර වූ රාජකීය වෛද්‍ය සේවා ක්‍රමයක්ද පැවති බැව් සිතිය හැකිය.
මෙරට ජනයා අතීතයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විඳි බැව් පැහැදිලිවම අනාවරණය වනුයේ ක්‍රි ව 9-10 සියවස්වල ශිලා ලේඛනවලිනි. රෝහල්, වෛද්‍යවරුන්, නිලධාරීන්, සේවකයන්, ආරෝග්‍යශාලා පරිපාලන නීති රීති පමණක් නොව ඒ නීති රීති කඩන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම ආදී පුළුල් තොරතුරු සමුදායක් උක්ත වකවානුවේ සෙල්ලිපි ඇසුරින් වටහා ගත හැකිය.
කිරිබත් වෙහෙර ටැම් ලිපිය සඳහන් කරන්නේ සිව්වැනි කාශ්‍යප රජුගේ නියමයෙන් බමන් කුම්බුර් නමැති ස්ථානයේ පිහිටි වෛද්‍යශාලාවකට ඉඩම් කිහිපයක් ප්‍රදානය කර ඇති අතර එය ආරෝග්‍යශාලා නිලධාරීන්ගේ පාලනයට නතු කර ඇති බවය. රාජකීය නිලධාරීන්ට වුව අනවසරයෙන් වෛද්‍යශාලාවට අයත් භූමියට ඇතුළු වීම තහනම් විය. වැරදි කළ කිසියම් පුද්ගලයකු ඒ ඉඩම් සීමාවට ඇතුළුව සිටීනම්, බෙහෙත් ගෙයි නිලධාරීන්ට කියා ඔහු පිටත් කරවා ගත යුතු බවට ව්‍යවස්ථා පණවා ඇත.
සිව් වැනි කසුබ් රජුගේ කොළඹ කෞතුකාගාරයේ ඇති ටැම් ලිපියට අනුව සෙනල්නාකන් නැමැත්තා කරවූ තිඹිරි ගෙයකට රජය විසින් පමුණු ඉඩමක් ප්‍රදානය කරනු ලැබීම හා ඊට පිරිනැමූ වරප්‍රසාද පිලිබඳ වාර්තා වේ. පස්වැනි කසුබ් රජු විසින් අනුරාධපුර ඇතුළු නුවර ඉදි කරන ලද රෝහලකට වෙන් කරන ලද ඉඩම් පිලිබඳ සීමාද ඊට අදාළ වරප්රිසාද හා නීති රීතිද, දොරබාවිල ටැම් ලිපියන් අනාවරණය වේ. එහි අඩංගු ව්‍යවස්ථා නොරක්නා රජවරුන්, ඈපා, මාපාදීන් කවුඩු බලු වන බැව් දැක්වෙන සඳහන මෙහිදී විශේෂයෙන් වැදගත්ය. මතු පාලකයන්ද එකී නීති රීති අඛණ්ඩව රැකියා යුතු බැව් ඉන් දැඩිව අවධාරණය වේ.
තවද අතීතයේ සිට මෙරට පැවති "සිරිත" (යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විඳීමට පුද්ගලයාට ඇති අයිතිය ) අනාගතයේදීත් නොනසා රැක ගැනීම කෙරෙහි පාලකයන්ගේ කැමැත්ත සහ වගකීම පිලිබඳ අදහස්ද ඉන් වටහා ගත හැකිය.
අනුරාධපුර පශ්චාත් අවධියේදී මෙරට පවතී රෝහල් සංවිධානය පිලිබඳ තොරතුරු රැසක් හය වැනි මහින්දගේයැයි සැළකෙන මැදිරිගිරිය පුවරු ලිපියෙන් හෙළි වේ. වෛද්‍යවරුන්, වෙද්හල්, සම්දරුවන්, වෙද්හල් කැමියන් හා ඔවුන් පිලිබඳ නීති රීති ද මේ ලිපියේ සඳහන්ය. විශේෂයෙන්ම අනුරාධපුර පශ්චාත් අවධිය වන විට මෙරට වෛද්‍ය සේවාව දියුණු තත්ත්වයක පැවති අතර ආරෝග්‍යශාලාවල විශාල නිලධාරීන් හා සේවක පිරිසක් සේවය කළහ. එබැවින් ආරෝග්‍යශාලාවල මනා පාලනයක් ඇති කිරීම, එමගින් රටවැසියා වෙත උපරිම සේවා තත්ත්වයක් ලබා දීම, වෛද්‍යවරුන්, නිලධාරීන් සහ සේවකයන් අතර මනා සම්බන්ධතාවයක් ඇති කිරීම ආදිය සඳහා පරිපාලන නීති රීති සැකසීමටද සිදු විය. ඉහත මැදිරිගිරිය පුවරු ලිපියට අනුව වෙදහලට අයත් භූමියේ මත්පැන් බීම, නැටීම, වැයීම ආදිය තහනම් බවටද ව්යිවස්ථා පණවා තිබිණි. එය ආරෝග්‍යශාලාවේ නැවතී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික නිදහස කෙරේ අවධානය යොමු කිරීමකි. වෛද්‍යශාලා නිලධාරීන් විසින් එහි සේවකයින් ලවා වෛද්‍යශාලාවට අයිති ඉඩම්වල වගා කරවනු ලැබීමද තහනම් විය. මෙවැනි නීති පනවන්නට ඇත්තේ ආරෝග්‍යශාලා වෙත සේවකයන්ගේ සේවාව නිසි ලෙස ලබාදීම සඳහා විය හැකිය. නිලධාරීහු පෞද්ගලික ප්‍රයෝජනය පිණිස ආරෝග්‍යශාලාවට අයත් ඉඩම්වල ගොවිතැන් නොකළ යුතු වුහ.
වෙදහලට අයත් ඉඩම්වල ආදායම වෙදහලට ලබාදීමට මෙන්ම ඇතැම් විට බෙහෙත් පැළෑටි ආදිය ඒ බිම්වල රෝපණය කරන්නට ඇති නිසාත් එවන් නීති පනවන්නට ඇත.
මීට අමතරව වෛද්‍ය නිලධාරින්, එහි සුළු සේවකයන්ගෙන් අල්ලස් ගැනීම, තෑගී බෝග ගැනීම ආදිය තහනම් විය. මේ ව්‍යස්ථා උල්ලංඝණය කර ඇති විට, අවුරුදු පතා ආරෝග්‍යශාලා පරික්ෂාවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්, ආයතන පාලක සභාවේ නිල නායකයන් ලවා වැරදි සොයා බලා ඒවා නිරවුල් කළ යුතු විය. තවද, මේ නීති රීති නොපිළිපදින ගම්වැසියන් ගම්වලින් ඉවත් කළ යුතු බවටද නියෝග කර තිබිණි. මේ අයුරින් මැදිරිගිරිය ශිලලේඛනයෙන් තහවුරු වන්නේ ප්‍රස්තුත ආරෝග්‍යශාලාවේ මනා පරිපාලනයක් හා සේවා තත්ත්වයක් පැවති බවයි.
වෛද්‍යවරුන්ගේ හා සෙසු සේවකයන්ගේ සේවාවට රජය මගින් වැටුප් පිරිනැමීම, එක් පැත්තකින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ උත්සාහයකැයි සිතිය හැකිය. සිවු වැනි මිහිඳුගේ පුවරු ලිපියට අනුව වෛද්‍යවරයකුට දිවෙල් වශයෙන් දෙතිසැ හේනෙන් පෑලක්ද, දමියෙන් කොටසක්ද, පුහුඩා වෙදක්හට ඉඩම් කිරි භාගයක්ද දමියෙන් කොටසක්ද හිමි විය. තවද බෙහෙත් පිළියෙළ කරන සේවකයකුට ඉඩම් කිරි එකක්ද, දමියෙන් කොටසක්ද හිමි විය.
ඉහත කී පරිදි රෝහල්වල නඩත්තු පිණිස ගම්බිම් පවරා දෙමින් ආරෝග්‍යශාලාවල සේවය වෙනුවෙන් වෛද්‍යවරුන් හා සේවකයන් දිරි ගන්වමින්, මැනවින් පාලනය කිරීම සඳහා ව්‍යවස්ථා පද්ධති පණවා ක්‍රියාත්මක කිරීමෙන් පෙනෙනුයේ රටවැසියාට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබාදීමට පාලන තන්ත්රපය විසින් ගන්නා ලද උත්සාහයයි.
ශාරීරික හෝ මානසික වශයෙන් හෝ දුබල වුවන්ට රැකවරණය සැළසීම මෙරට අතීතයේ සිටම ව්‍යවහාර වූ සිරිතකි. එවැනි පුද්ගලයන් වෙනුවෙන් අහර පාන, ඇඳුම්, නිසාව හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ආදී මුලික අවශ්‍යතා ලබාදීමත් ඔවුන්ට සහනය සැළසීමත් රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් ද විය. පුරාණ ලක්දිව රාජ්‍ය සංවිධානය විසින් මේ යුතුකම් සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන ලදී.
බුද්ධදාස රජු මහ මග ඒ ඒ තන්හි පිළුන් හා අන්ධයන් සඳහා ශාලාද වැටුප් සහිත විශේෂ ශාලාද කරවූ අතර, දෙවැනි උපතිස්ස රජු පිළුන්, ගර්භණි කතුන්, අන්ධයින් සහ රෝගීන් වෙනුවෙන් දානශාලා සහ ආරෝග්‍යශාලා සෑදවීය. දෙවැනි දප්පුල රජු අනාථ වූ කුල කතුන්ට පළඳනා සහ රාත්‍රි ආහාර සැපයු අතර, පළමුවැනි විජයබාහු රජුද වැන්දඹු කුල කාන්තාවන්ට ගම්, ආහාර, වස්ත්රර ආදිය පමණක් නොව, ගම්වරද සැපයූ බව මුලාශ්‍ර මගින් හෙළිදරවු වේ. මේ කරුණුවලින් තහවුරු වනුයේ රෝගාබාධිතයන්ට සහ වැන්දඹුවන්ට සහන සැළසීම මෙරට චිරාගත චාරිත්‍රයක් වූ බවත්, ඒ චාරිත්‍රය පාලකයන් විසින් නොනසා රකින ලද බවත්ය.
මේ සිරිත ශිලාලේඛන තොරතුරුවලින්ද සනාථ වෙයි. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ පොළොන්නරු ගල් විහාර සෙල් ලිපිය භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් පණවන ලද කතිකාවතක් වුවද, එහි ලා උක්ත සිරිත සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබේ. එහි සඳහන් පරිදි තම මව් පිය දෙදෙන, එක කුස උපන් වැන්දඹු බවට පත් සහෝදරියන්, මෙහෙකරුවන් ආදීන් සඳහා ආහාර සිඟා යාමට හා ඔවුන් රෝගී වූ අවස්ථාවලදී බෙහෙත් ආදිය සිඟා යෑම පිණිස භික්ෂුන් වහන්සේලාට අවසර දී ඇත. එහෙත් බුද්ධ විනය අනුව උක්ත පිරිසට පිහිට වීම සඳහා යාහැකි වුයේ සත්තාහකරනයෙනි (වස් විසු භික්ෂුන් අවශ්‍ය වැදගත් කරුණක් සඳහා ආරාමයෙන් පිට දවසක් දෙකක් නවතින්නට යන විට, "මට අන්තරායක් නොවුවහොත් හත් දවසක් ඇතුළත පෙරළා එන්නෙමැයි කල්පනා කිරීම). ඉහත කී පොලොන්නරු කතිකාවතින් භික්ෂුන් වහන්සේලාට එබඳු සීමාවක් පණවා නැති බව පෙනේ. විනය නීති වුව මෙරට අතීතයේ සිට පැවති සමාජගත සිරිතට ගරු කිරීම සඳහා ලිහිල් වූ ආකාරය ඉන් අනාවරණය වේ.
විවිධ රෝගාබාධවලට ලක් වූ අසරණ පුදගලයන්ට රැකවරණය සළසමින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැකදීමට රාජ්ය තන්ත්‍රය ක්‍රියාත්මක වූ අයුරු නිශ්ශංකමල්ල රජුගේ ගල් පොත ලිපියෙන්ද පෙනේ. ඒ අනුව නිශ්ශංකමල්ල රජු කණ, පිළු, කුරු, කුදු ආදී අනාථ ජනයාගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත.
මේ සාකච්ජාවට බඳුන් වූ චාරිත්‍රය, අධ්‍යයනයට පාදක වූ ක්‍රි. පූ 3 වැනි සියවස සිට ක්‍රි. ව. 13 වැනි සියවසේ අවසානය තෙක්ම නීතිගත අයිතිවාසිකමක් බවට පත් නොවුවද, සිරිතක් වශයෙන් නොකඩවාම ව්‍යවහාර විය. විශේෂයෙන්ම පුරාණ රාජ්‍ය සංවිධානය, රෝගාබාධ හා වැන්දඹුභාවයට පත් වූ සහ මානසික හෝ කායික වශයෙන් අසරණ වූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ට විය යුතු යුතුකම් ඉටු කරමින් සමාජගත සිරිත් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය ඉහත කරුණුවලින් පැහැදිලි වෙයි. ශාරීරික වශයෙන් හෝමානසික වශයෙන් හෝ දුබල වුවන්ට රැකවරණය සැළසීම මෙරට අතීතයේ සිටම ව්‍යවහාර වූ සිරිතකි. එවැනි පුද්ගලයන් වෙනුවෙන් ආහාර පාන, ඇඳුම්, නිවාස හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ආදී මුලික අවශ්‍යතා ලබාදීමත් ඔවුන්ට සහනය සැළසීමත් රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් ද විය. පුරාණ ලක්දිව රාජ්‍ය සංවිධානය විසින් මේ යුතුකම් සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන ලදී.
බුද්ධදාස රජු මහ මග ඒ ඒ තන්හි පිළුන් හා අන්ධයන් සඳහා ශාලාද වැටුප් සහිත විශේෂ ශාලාද කරවූ අතර, දෙවැනි උපතිස්ස රජු පිළුන්, ගර්භණි කතුන්, අන්ධයින් සහ රෝගීන් වෙනුවෙන් දානශාලා සහ ආරෝග්යිශාලා සෑදවීය. දෙවැනි දප්පුල රජු අනාථ වූ කුල කතුන්ට පළඳනා සහ රාත්‍රී ආහාර සැපයු අතර, පළමුවැනි විජයබාහු රජුද වැන්දඹු කුල කාන්තාවන්ට ගම්, ආහාර, වස්ත්‍ර ආදිය පමණක් නොව, ගම්වරද සැපයූ බව මූලාශ්‍ර මගින් හෙළිදරවු වේ. මේ කරුණුවලින් තහවුරු වනුයේ රෝගාබධිතයන්ට සහ වැන්දඹුවන්ට සහන සැළසීම මෙරට චිරාගත චාරිත්‍රයක් වූ බවත්, ඒ චාරිත්‍රය පාලකයන් විසින් නොනසා රකින ලද බවත්ය.
මේ සිරිත ශිලාලේඛන තොරතුරුවලින්ද සනාථ වෙයි. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ පොළොන්නරු ගල් විහාර සෙල් ලිපිය භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් පණවන ලද කතිකාවතක් වුවද, එහි ලා උක්ත සිරිත සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබේ. එහි සඳහන් පරිදි තම මව් පිය දෙදෙන, එක කුස උපන් වැන්දඹු බවට පත් සහෝදරියන්, මෙහෙකරුවන් ආදීන් සඳහා ආහාර සිඟා යාමට හා ඔවුන් රෝගී වූ අවස්ථාවලදී බෙහෙත් ආදිය සිඟා යෑම පිණිස භික්ෂුන් වහන්සේලාට අවසර දී ඇත. එහෙත් බුද්ධ විනය අනුව උක්ත පිරිසට පිහිට වීම සඳහා යාහැකි වුයේ සත්තාහකරනයෙනි (වස් විසු භික්ෂුන් අවශ්‍ය වැදගත් කරුණක් සඳහා ආරාමයෙන් පිට දවසක් දෙකක් නවතින්නට යන විට, "මට අන්තරායක් නොවුවහොත් හත් දවසක් ඇතුළත පෙරළා එන්නෙමැයි කල්පනා කිරීම). ඉහත කී පොලොන්නරු කතිකාවතින් භික්ෂුන් වහන්සේලාට එබඳු සීමාවක් පණවා නැති බව පෙනේ. විනය නීති වුව මෙරට අතීතයේ සිට පැවති සමාජගත සිරිතට ගරු කිරීම සඳහා ලිහිල් වූ ආකාරය ඉන් අනාවරණය වේ.
විවිධ රෝගාබාධවලට ලක් වූ අසරණ පුදගලයන්ට රැකවරණය සළසමින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැකදීමට රාජ්ය තන්ත්‍රය ක්‍රියාත්මක වූ අයුරු නිශ්ශංකමල්ල රජුගේ ගල් පොත ලිපියෙන්ද පෙනේ. ඒ අනුව නිශ්ශංකමල්ල රජු කණ, පිළු, කුරු, කුදු ආදී අනාථ ජනයාගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත.
මේ සාකච්ජාවට බඳුන් වූ චාරිත්‍රය අධ්‍යයනයට පාදක වූ ක්‍රි. පූ. 3 වැනි සියවස සිට ක්‍රි. ව. 13 වැනි සියවසේ අවසානය තෙක්ම නීතිගත අයිතිවාසිකමක් බවට පත් නොවුවද, සිරිතක් වශයෙන් නොකඩවාම ව්යහවහාර විය. විශේෂයෙන්ම පුරාණ රාජ්යි සංවිධානය, රෝගාබාධ හා වැන්දඹුභාවයට පත් වූ සහ මානසික හෝ කායික වශයෙන් අසරණ වූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ට විය යුතු යුතුකම් ඉටු කරමින් සමාජගත සිරිත් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය ඉහත කරුණුවලින් පැහැදිලි වෙයි.