මාඝගේ ආක්‍රමණයෙන් අඩපණව තිබුණු ජාතිය නැවත පණ ගස්වා වන්නි රාජා හෙවත් තුන්වැනි විජයබාහු වර්ෂ 1232 හි දී දඹදෙණිය රාජ්‍යත්වයට පත් විය. එතැන් සිට ඇරඹෙන්නේ අනේක විධ දුක් ගැහැට මධ්‍යයේ තම ස්වෛරීත්වය රැක ගත් ජාතියක කතාන්තරයයි. ඔවුහු පෙර දවස මෙන් මහා වාපි කර්මාන්තයන් නොකළහ. මහා දාගැබ් වෙහෙර විහාර ඉදි නොකළහ. ඊට අවශ්‍ය දැනුමද සවියද ඔවුනට නොවීය. එහෙත් ඔවුහු තමන්ට හැකි පරිද්දෙන් ශාසනික, සමාජයීය කටයුතු නොපිරිහෙලා ඉටු කළහ. ඒ ධෛර්යයටත් ජාති වාත්සල්‍යයටත් නිසි ගෞරවය ලැබිය යුතුය.
තුන්වැනි විජයබාහු රජු ජාතියේ ස්වෛරීත්වය නැවත පිහිටවුවද, තීරණාත්මක ලෙස මාඝ පරාජය කළේ ඔහුගේ පුත්‍රයාය. නන් බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බාවන් වඩා ප්‍රකට පඬිවරයකු ලෙසය. එහෙත් ඔහු සියලු ශාස්ත්‍රීය සහ ශාසනික සේවා අතරතුර මාඝ මෙන්ම චන්ද්‍රභානු නම් ජාවක (වර්තමාන මැලේසියාව) ආක්රමනිකයාටද මුහුණ දී රට රැක්කේය. සිය පියා ඉදි කළ දඹදෙණිය විජයසුන්දරාරාමයේ තෙමහල් දළදා මැදුරක් කරවූ ඔහු, පියාණන් විසින් බෙලිගල වඩා හිඳවූ දළදා වහන්සේ එහි වැඩමවීය. මෙය මුලින් තෙමහල්ව තිබී, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මීගස්තැන්නේ අධිකාරම් විසින් පිළිසකර කිරීමේදී දෙමහල් කරවා ඇත.
මෙහි බෝධිය අසළ ඇත්තේ සපු වෘක්ෂයකි. පැරකුම්බා දවස, බෝධියත් මේ සපු බෝධියත් අතර දළදා වහන්සේ පෙළහර පෑ බව කියැවේ. ඇත්ත වශයෙන්ම එදා තිබුනේ මේ සපු වෘක්ෂය නොවේ. මෙම වෘක්ෂය පසු කාලීනව රෝපණය කරන ලද්දකි.
චේතියඝරය සහිත කුඩා ස්ථුපය
මෙහි චේතියඝරය ඉදිරියේ කනප්පුවක් මෙන් පිහිටුවා ඇති සෙල් ටැඹ, එකල විශේෂ පූජෝත්සවවලදී දළදා වහන්සේ පිටතට වැඩමවූ අවස්ථාවලදී වඩා හිඳුවීමට භාවිතා කරන ලදී.
එකල රජ මාළිගයද පිහිටා ඇත්තේ මීට නුදුරින් ඇති, අඩි 275 පමණ උසැති මාළිගා ගල මතුපිටය.
මාළිගාගලට යන පිය ගැට පෙළ |
දුරින් පෙනෙන ගල් තලාව රාජ සභා මණ්ඩපය පිහිටි තැනයි. පිය ගැට පෙළ ඇත්තේ ඊට පිටුපසිනි.
මාළිගාවේ නටබුන් |
මෙම පර්වතය වඩුවා කෙටු ගල ලෙස හැඳින්වේ. මෙය ඇත්තේ කුරුණෑගල මීගමුව මාර්ගයේ අනෙක් පසට වන්නට මඳ දුරකිනි. අතීතයේ වධක ස්ථානයක් බව ජනප්‍රවාදවල කියැවේ. ඊතලයෙන් දක්වා ඇති කොටසේ පඩි පෙළක් ද කොටා ඇත.
No comments:
Post a Comment