Tuesday, July 5, 2016

දුටුගැමුණු නිරිඳුන්ගේ භෂ්මාවශේෂ

මේ පෙනෙන්නේ අප ජාතියේ මහා පූජාර්භ වස්තුවකි. මේ දක්ඛිණ ථූපය කැණීමේදී ලැබුණු දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂයි. දක්ඛිණ ථූපය මුලදී එළාර සොහොන ලෙස වරදවා ගැනිණි. මෙය දක්ඛිණ ථූපය ලෙස හඳුනා ගත්තේ බෙල් මහතාය. පසු කලෙක පරණවිතාන මහතා සවිස්තර අධ්‍යයනයක් කර මෙය දුටුගැමුණු රජුගේ සොහොන ද වන බව තහවුරු කළේය. මෙම භෂ්මාවශේෂ කාල නිර්ණ පරීක්ෂණවලින් තහවුරු වී ඇත. දැන් මේ භෂ්මාවශේෂ පුරා විද්යා දෙපාර්තමේන්තුව භාරයේ ඇත.

දක්ඛිණ ථූපය ඉදි කරන ලද්දේ වළගම්බා රජු සමයේ, ඔහුගේ නියෝගය මත උත්තිය නම් අමාත්‍යවරයෙකි. එය ඉදි කරන ලද්දේ එහි තිබුණු කුඩා ස්ථුපයක් මතයැයි විශ්වාස කරනු ලැබේ. මුල් ස්තුපය සද්ධාතිස්ස රජු කරවුවක් විය හැකිය. වළගම්බා, සද්ධාතිස්ස රජුගේ බාල පුත්‍රයාය.

එළාර සොහොන අද දක්නට නැත. එතනින් යනවිට ගරු සත්කාර දැක්විය යුතුයැයි දුටුගැමුණු රජු පැනවූ නියෝගයට 1818 තරම් මෑත ඉතිහාසයක් වන විටත් ජනතාව අතර අවනතභාවයක් තිබී ඇත. 1818 අරගලයේ යම් අඥාත නායකයකු, පළා යනවිට ඒ අසළදී අසු පිටින් බැස යන අතර අත් අඩංගුවට පත් වූ පුවතක් ජනප්‍රවාදයේ එයි. පරණවිතාන මහතාට අනුට එළාර සොහොන පිහිටා තිබුනේ අද සෞඛ්‍ය වෛද්ය නිළධාරි කාර්යාලය පිහිටි භූමියේය.


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කාල නිර්නයකින් භෂ්මාවශේෂ දුටුගමුනුගේද නැතිනම් එලාරගේදැයි නිශ්චිතව කිව හැකිද?
    1818 දී එතනින් ගියේ කැප්පෙටිපොල නිලමේ නොවේද?

    ReplyDelete