(ජායාරූපය උපුටා ගනු ලැබුවකි)
•
මෙහි මුල් නම උත්තරාරාමයයි.
මෙහි ආදී කතෘ මහා පරාක්‍රමබාහු රජුය. සැතපෙන පිළිමයේ ශීර්ෂය අද්දර ඇති හිටි පිළිමය
හැර සෙසු පිළිම කරවා ඇත්තේ ඔහුය. එම හිටි
පිළිමය පසු කාලීන නිර්මාණයක් ලෙස සැළකේ. ඊට හේතුව ආදී මූලාශ්‍රවල මෙම ස්ථානය ගැන කියවෙන
විට හිටි පිළිමයක් ගැන සඳහනක් නැති වීමයි.
•
මේ හිටි පිළිමය බුදුන්
වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ ශෝකයට පත්ව සිටිය ආනන්ද හිමියන්ගේ යි ඇතැමෙක් සිතුහ.
දැන් පිළිගැනෙන අයුරින් මේ
"පර දුක්ඛ දුක්ඛිත" මුද්‍රාවෙන් වැඩ ඉන්නා බුදුන්මය. මේ මුද්‍රාව
බිතු සිතුවම්වල හැර, ප්‍රතිමාවක
දැකිය හැක්කේද මෙහි පමණි. මේ බුදුන් වහන්සේම බවට තවත් සාක්ෂි දෙකකි. එකක්නම්, බුදුන්ට
හැර අන් කිසිවකුට නෙළුම් පාදමක් නොදීමයි. අනෙක මෙම හිටි පිළිමයට වෙනම ආවරණයක්
තිබුණු බවට ගල් පර්වතයේ සාධක තිබීමයි. එනම්, මෙය සහ සැතපෙන පිළිමය එකම කෘතියක කොටස් දෙකක්
නොව කෘතීන් දෙකක් බවයි.
•
ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ
සැතපෙන ඉරියවුව නොවේ. මෙහි ඇත්තේ පිරිනිවන් පෑ බුදුන්
වහන්සේගේ ශ්‍රී දේහයයි. සැතපෙන ඉරියවුවත් මෙයත් අතර වෙනස්
කම් කිහිපයක් ඇත. චීවරය කඩා හැලුණු ලෙසක් පෙනේ. දෙපා එක මට්ටමට පිහිටා නැත. කන්වල
සහ හස්තයේ යම් වෙනසක් ඇත්දැයි මේ රචකයාට නිශ්චිතව මතක නැත.
•
පිරිනිවන් මංචක පිළිමයේ
දකුණු බාහුවේ පතුරක් ගැලවී ඇත. එය දිගු කාලීන පාරිසරික බලපෑමකි. සමහරෙක් මෙය ප්‍රදේශයේ
ඇති ජන ප්‍රවාදයකට සම්බන්ධ කරති. එයට අනුව සුදු ජාතිකයෙක් මීට ඉදිරිපස ඇති ගල් තලාවේ
සිට තම රයිපලයෙන් පිළිමයට වෙඩි තැබීය.
එසැණින් පිටුපස වන රොදින් මතු වූ අලියෙක් ඔහු ඔසවා ගල් තලාවේම ගසා ඇත. මෙහි
සත්‍යතාවය මේ ලියන සාමාජිකයා හරිහැටි නොදනී. එහෙත් රයිපල් උණ්ඩයකින් විය හැකි හානියට සමාන
යමක් බාහුවේ
නොව පපුවේ වම් පස දැකිය හැකිය. එය පෙනෙන්නේ සමීපව නිරීක්ෂණය කළොත් පමණි.
No comments:
Post a Comment