මේ දිනවල අපි අතගහලා තිබෙනවා අර අපි 2015 ලූණුගල්ගේ ගල් ගුහාවෙන් සොයාගත්ත ධාන්‍ය ඇට පිටිපස්සේ පන්නන්න. අපිට වුවමනා වුණා මේක මේ ගල්ගුහාවේ වෙච්ච අහඹු සිද්ධියක් ද කියලා බලන්න. බොහෝ දෙනා එහෙම කියන්නත් පටන් ගත්තා. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 20 වෙනිදා ආරම්භ කළා බලංගොඩ වියළි කලාපයට අයිති දියවින්න උඩුපියන් ගල්ගේ කියන ගල්ගුහාව පරික්ෂා කරන්න.ඇත්තෙන්ම ඒ ගල්ගුහාව 1936 දී ආචාර්ය පි.පි දැරණියගල මහතා විසින් කැණිම් කරලා තියෙනවා. ඔහු ඉතා කෙටි වාර්තාවක් ලියලා තිබුණා ඒකෙන් ධ්‍යානය ඇට හම්බ වු බව සඳහන් කරලා. ඉතින් අපි ක‍්‍රමවත්ව ඒක පරීක්ෂා කලා. ඇත්තෙන්ම අපිට හම්බවුණා පිළිස්සිච්ච ධාන්‍ය ඇට. විශේෂයෙන්ම වී ඇට තුනක් අපිට හම්බවුණා. ඉතින් එක ඉතාම වැදගත් සාක්ෂියක්. ඒ ස්ථරයේම තිබිලා ගල් මෙවලම් හම්බවුණා, ආභරණ හැටියට පළදපු කහදගල් වලින් හදපු තැලි දෙකක් හම්බවුණ.ඉතින් අපි මේ දිනවල කරන්නේ අර අපේ ප‍්‍රධාන පර්යේෂණ ප‍්‍රශ්ණය වූ මේ රටේ ආදී මිනිසුන් ඒ කියන්නේ විජය ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ ඊට වඩා අවුරුදු සිය ගණනක් දහස් ගණනක් එපිට හිටපු ආදී මානවයින් කොහොමද තමන්ගේ කැලෑ ජිවීතය අතැරලා ග‍්‍රාමීය ජිවීතයකට පරිවර්තනය වෙන්න මහන්සි ගත්තේ කියන එක හොයන්න. ඒක දේශියත්වය පිළිබද වැදගත් කාල පරිච්ඡේදයක් වගේම දේශීය අනන්‍යතාවය පිලිබඳ වැදගත් ප‍්‍රශ්නයක්. අපි මේ දිනවල ඒ වැදගත් ප‍්‍රශ්නය පස්සේ පන්නමින් ඊට අදාල ස්ථාන කැණීම් කිරීම් හා ගවේෂණය කිරීම් සිදු කරමින් සිටිනවා.
ඉදිරියට මේ පර්යේෂණ ව්‍යාපෘතිය තව අපට අඩුම තරමේ ස්ථාන 05ක් හෝ 06 ක් පරීක්ෂා කළ යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් එක් තැනක් හෝ තැන් දෙකක් පරික්ෂා කිරීමෙන් ලොකු නිගමනයකට එළඹෙන්න අමාරුයි. ඒ නිසා අපිට නියමිතව තිබෙනවා මේ අවුරුද්දේ ජුලි මාසයේ නෙළුම් කුඹුර, පනාන කියන ගම් අතර තිබෙන පරගහ මඩිත්ත කියන ගල්ගුහාව කැනීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉලූක්කුඹුරේ කඳු බෑවුමක තිබෙනවා අලූගල්ගේ කියලා ගුහාවක්. ඉතාම දුෂ්කරයි ඒකට ලංවෙන්න . නමුත් අපි සැලසුම් කරලා තියෙනවා ඒ ගල් ගුහාවත් කැණීමට ලක් කරලා කාල නිර්ණයට අවශ්‍ය කරන අගුරු සොයාගන්න. ඒ වගේම ඒ අගුරුත් එක්ක තියෙන අනිත් පුරාවස්තු මොනවාද කියලා පරීක්ෂා කරන්න. එතකොට අපිට මේ අවුරුද්දේ තව තැන් දෙකක් තියෙනවා පරීක්ෂා කරන්න. ඉලුක් කුඹුරේ ලුණුගල්ගේ නැවත පරීක්ෂා කල යුතුයි. මොකද එතැනදි අපිට 2015 දී මිනිස් දතක් හම්බවෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතැන ඇට සැකිල්ලක් තිබෙන්න පුළුවන් කියලා. එය සොයා ගන්න පුළුවන් වුණොත් අපිට මේ මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවය කොහොමද කියලා පරික්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා 2015 අවුරුද්දේ තව කැනීම් 3ක් අපිට නියමිතයි පරගහ මඩිත්ත, අලූගල්ගේ හා ලූණුගල්ගේ , බලංගොඩ ඉලූක් කුඹුර හා පනාන කියන ප‍්‍රදේශවල.
(මහාචාර්ය රාජ් සෝමදේව මහතා)
සම්මුඛ සාකච්ජාව මෙතනින්
No comments:
Post a Comment