ගැමුණු කුමරු කොත්මලේහිදී පෙම් බැඳී ගැමි යුවතිය රජකම ලද පසුද අත නොහැරි බව ජනප්‍රවාදවල කියවුනද, ඇය වංශකතාවලින් සහ වෙනත් මුලාශ්‍රවලින් සැඟවී ගත්තියකි. පරණවිතාන සුරීහු මුල්වරට මරදන්කඩවල කොස්සෝගම සෙල් ලිපියක ඇය හඳුනා ගත්හ.
මහා රඣහ ගමිණි - අබයහ දෙවන පිය
රමණී බරියේ මිලක තිස - විහාරේ කාරිතේ කතිය
(දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අභය රජුගේ බිසව වූ කතිය විසින් විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමියන්ට පූජා කරන ලදී)
රමණී බරියේ මිලක තිස - විහාරේ කාරිතේ කතිය
(දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අභය රජුගේ බිසව වූ කතිය විසින් විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමියන්ට පූජා කරන ලදී)
කතී දේවිය බොහෝ සේ ශාසනික කටයුතුවල නියැලුණු බව කියැවේ. ඇයගේ ශාසනික කටයුතු විහාර මහා දේවියගේ ආශිර්වාදයෙන් සහ සහභාගිත්වයෙන් සිදු වූ බවද, විහාර මහා දේවිය සිය දිවියේ පසු කාලයේ පැවිදිව සිටියේත් සිය ලේලිය කරවූ විහාරයක බවද කියැවේ. ඇය සාමාන්‍ය ගැමි කතක වුවද, විහාර මහා දේවිය වෙනස් කමක් නොකොට ඈ ප්‍රිය කරන්නට ඇත. කතියද දුටු ගැමුණු රජුගේ අභාවයෙන් පසු පැවිදි වූ බව කියැවේ.
කතිය බිසව ඉදි කරවූ විශාලම චෛත්‍යය එප්පාවල, කටියාවේ පිහිටි නවාගල රජ මහා විහාරයයි. එය ඇතුළු නුවරින් පිටත පිහිටි විශාලම චෛත්‍යයයි. උසින් අඩි හැටකි.
ඇතැමකුට අනුව කටියාව ප්‍රදේශයට නම වැටී ඇත්තේද කතිය බිසවගෙනි. නවාගල යනු, ගැමුණු රජුගේ සේනාව ස්නානය කළ ස්ථානයක් වශයෙන් නැතහොත් යුද සේවය සඳහා නොආ (නාව ) අයගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද්දක් වශයෙන් සමහරෙක් සිතති.
කෙසේ වුවද එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුවනම්, දුටු ගැමුණු රජුගේ අග මෙහෙසිය රාජිතාය. ඇතැම් ජනප්‍රවාද අනුව නවාගල කරවා ඇත්තේ විහාර මහා දේවියමය.
මෙය බොහෝ සේ ගරා වැටී තිබී, සංරක්ෂණය කැරෙමින් පවතී. නිදන් හොරුන්ට හසුව තිබුනද කැණීම් වලදී රන්, කළුගල්, මැටි, වීදුරු, කිරි ගරුඬ කරඬු ආදී වස්තු විශාල ප්‍රමාණයක් සොයා ගත හැකි විය. එහි තිබුණු සියලු පුරාවස්තු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
පැරණි ස්ථරය දක්වන හරස් කඩ |
කතී බිසව නිසා කටියාව වුවා යයි සිතිය නොහැක. කටියාවෙන් ආ නිසා ඇ කතී වුවා විය හැක.
ReplyDelete