Tuesday, July 5, 2016

මඩු කන්ද ශ්‍රී දළදා විහාරය

මඩුකන්ද විහාරය පිහිටා ඇත්තේ වවුනියාවේ සිට කැබිතිගොල්ලෑව දෙසට කිලෝමීටර හතරක් පමණ ගිය විට, මාර්ගයේ වම් පසය. දන්ත කුමරුත් හේමමාලා කුමරියත් දළදා වහන්සේ වැඩමවාගෙන ආ විට, කිත්සිරිමෙවන් රජු පෙරමගට ගොස් උන් වහන්සේ පිළිගෙන, අනුරාධපුරටය වැඩමවීමට පෙර, ඒ සඳහා මග සුදානම් කරන තෙක්, මේඝගිරි විහාරයේ උන් වහන්සේ වඩා හිඳුවිය, එනම් වර්තමාන මඩු කන්ද විහාරයයි. මේ ප්‍රදේශය නන්දිමිත්‍ර සෙනෙවියාගේ උපන් බිම වශයෙන්ද ප්‍රදේශවාසීහු සිතති.

කාශ්‍යප බුදුන් වහන්සේ මන්ඩ දීපයට වැඩි කල, මෙතැනද උන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලත් තැනක් ලෙස කියැවෙයි. මේ පුද බිමට විටෙක දේවතාවකු ද කඩවර යකුද පැමිණෙන බවත්, කඩවර යකු එන මාර්ගය ඔස්සේ, හේන් ගොවියන් පැල් නොසෑදු බවත් කියති. දේවතා එළිය දීප්තිමත් අතර කඩවර එළිය මළානිකය. සෙන්කඩගල දළදා මාලිගාවට ත්‍රස්තවාදීන් පහර දුන් දින, ඊට ආසන්න වේලාවකදී, මෙහි බෝධියේ විශාල අත්තක්, හේතුවක් නැතිවම කඩා වැටුණු බවද කියැවේ.

No comments:

Post a Comment