පෙර කාවන්තිස්ස රජු කල, සිතුල් පව්ව ආශ්‍රිත කපිට්ඪ නම් ගමක් විය. එහි විසු අත්පල නම් කුල පුත්‍රයාට පුස්සදේව නම් පුතෙක් විය. ඔහු කුඩා කල, ගමේ මිතුරන් සමග පන්සල් ගිය විටෙක හක් ගෙඩියක් ගෙන පිම්බේය. ඒ මහා අසනිපාත රාවය ඇසු සියල්ලෝ උමතු වන තරම් බිය වැදුණහ. එතැන් පටන්ඔහු උන්මාද පුස්සදේව නම් විය.
ඔහු පසුව තම පියාණන් වෙතින් දුනු ශිල්පය උගෙන එහි කෙල පැමිණියේය. ඔහුට ශබ්දයෙන්ද, අකුණු එළියෙන්ද ඉලක්කය ගත හැකි විය. අඟල් සොලොසක දිඹුල් ලීයක් හෝ අඟල් දෙකක යකඩයක් හෝ අඟල් සතරක ලෝහ තහඩුවක් හෝ පාසා කළ හැකි විය. ඔහුගේ හීය ගොඩ අට ඉස්බක් යයි; දියෙහි ඉස්බක් යයි. (ඉස්බක් යනු රියන් 140කි). කාවන්තිස්ස රජු තරුණ පුස්සදේව ගැන අසා රජ වාසල සේවයට බඳවා ගත්තේය.
පුස්සදේව කිසි දා ඉලක්කය නොවැරැදුණු ධනුර්ධරයෙකි. ඒ වන විට ඔහු භද්‍ර යෞවනයේ සිටි සෙනෙවියකු විය යුතුය. දුටුගැමුණු රජු ඔහුට "මලනුවනි" යනුවෙන් ආමන්ත්‍රණය කරන දෙබසක් මහා වංශයේ එයි.
පුස්සදෙවයෝ යුද්ධයෙන් පසු ගම්වර ආදියෙන් පිදුම් ලැබුහ. ඔහුගේ ගම්වරය ඇඹිලිපිටිය ආසන්නයේ පල්ලේබැද්දේ අක්කර 12,000 පුරා පැතිර තිබිණි. එහි විහාරයක් ඉදි කළ පුස්සදේව සෙනෙවියෝ, තමා යුද කාහලය නැංවූ සංඛය, විහාරය තැනු කන්දෙහි නිදන් කළහ. පසු කලෙක තෙමේද සසුන් ගතව සසරින් එතෙර විය.
ඔහු කරවූ විහාරයේ , වර්තමාන සංඛපාල රජ මහා විහාරයේ, ඇති ලෙන් අතර, පුස්සදෙව සහ තවත් අය (ගෘහපති ගුප්ත ආදී) ලෙන් පූජා කළ බවට කටාරම් ලිපි ඇත. එක් කටාරමක යටින් හක් ගෙඩියක සලකුණක් කොටා ඇත. මහනුවර යුගයේදී, මෙම පුද බිම සුප්‍රකට පඬිරුවනක් වූ කොරතොට ධම්මාරාම හිමියන්ට රාජාධිරාජසිංහ රජු විසින් පූජා කරන ලදී.
මීට කිලෝමීටර දෙකක් පමණ දුරින් ඇති නටබුන් වූ ස්ථුපයක්, පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන ලෙස විශ්වාස කරනු ලැබේ. කෙසේ වුවද, මේ රචකයාගේ මතකයේ හැටියට, වලපනේ ප්‍රදේශයේ (ලංගම ඩිපෝව අසළ ) ඇති කුඩා ස්ථුපයක්, පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන හැටියට ප්‍රදේශවාසින් විසින් සලකනු ලැබේ. ඔවුන් සලකන්නේ උන් වහන්සේ ඒ ප්‍රදේශයේ වැඩ සිටි බවකි.
ජයාරූප උපුටා ගැනීම Explore Sri Lanka සඟරාවෙනි.
ඇත්තවශයෙන් ම පුෂදේව රහත් වුවාද? මම විශ්වාස නොකරමි.
ReplyDelete