Tuesday, July 5, 2016

ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරීමේ ඇති වැදගත්කම කුමක්‌ද?

අපේ රටේ පමණක් නොව ඕනෑම රටක, සමාජයේ වෙසෙන පුරවැසියන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න අපිට පුළුවන් වෙන්නේ ඒ රටේ උරුමය ගැන මැනවින් හදාරලා ඒ පුරවැසියන් දැනුවත් කිරීමෙන්. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය අවුරුදු 2,500ක් පමණ පරණයි කියල කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා. එහෙම කියලා අපි ඒක ස්මරණය කරමින් ඉන්නවා. නමුත් අවුරුදු 2,500ක් නෙවෙයි ඊට වැඩිය ආපස්සට අවුරුදු 1,25,000ක් වගේ කාලයක් විහිදී යන ඉතිහාසයක් අපට තියෙනවා.
අපි ඉතිහාසය කියල කියන්නේ යම්කිසි භූමියක මිනිසුන් ජීවත් වීම පටන් ගත්ත කාලයට. ඒ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අත්දැකීම් තමයි අපි ඉතිහාසය කියල කියන්නේ. මේ රට පහුගිය අවුරුදු හත්දහසෙම ඉන්දියානු ප්‍රධාන භූමියෙන් කැඩිලා ස්වාධීන දූපතක් හැටියට පැවතුණා. ඒ අවුරුදු 7,000 ඇතුළත සාගරයෙන් වටවෙච්ච මේ භූමි කඬේ අපිටම ආවේණික වූ සම්ප්‍රදායන්, දැනුම් පද්ධති අපි ගොඩනගා ගත්තා. ඒ නිසා අපේ දේශීයත්වයක් අපට ආවේණික ලෙස ගොඩ නැගුණා. ඒ දේශීයත්වයෙන් පිළිඹිමු කරන්නේ මේ රටේ මේ පස්වල, මේ කඳුවල, මේ ගස්යට, මේ කොළ මල් අනුභව කරලා සහජීවනයෙන් කාර්යක්ෂමව සහ සරලව ජීවත් වෙන්න පුළුවන් වඩාම තර්කානුකූල පහසුම ක්‍රමය කුමක්ද කියන එක.
ඇත්තෙන්ම ඒ අවුරුදු 7,000ක පැරණි දැනුම අපි පටන් ගන්නේ අවුරුදු 1,25,000 කට එපිට කාලයක ඉඳලා. දැනට සාක්ෂි සහිතව පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් ඔප්පු කරල තියෙනවා මීට අවුරුදු එක් ලක්ෂ විසිපන්දාහකට එපිට කාලයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද වගේ දකුණේ වෙරළ තීරයයේ ප්‍රදේශවලට ආදී හෝමෝ සාපියන්වරු ගොඩ බැස්සා කියලා. එතැන් පටන් මේ රටේ මිනිසුන් වාසය කිරීම පටන් ගත්තා. ඒසා කාලයක් තිස්සේ අපි මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු තර්කානුකූල පියවර ගොඩ නඟා ගත්තා. දැනුම් පද්ධති ගොඩ නැගුවා. ඊට පස්සෙ අපි ඉන්දියානු භූමිකඩෙන් වෙන් වූ පසු අපේ අනන්‍යතාව තව දුරටත් තහවුරු වුනා. ඒ නිසා අපේ සමාජය සුවපත් කරන්න, අපේ සමාජය සංතුලනය කරන්න වඩා යෝග්‍ය තර්කානුකූල දැනුම අන්තර්ගත වෙන්නෙ ඒ පසුගිය අවුරුදු දහස් ගණනක කාලය තුළ. එයත් මැනවින් සොයා බලා ජනතාවට පැහැදිලි කරල දිය යුතුයි.

(මහාචාර්ය රාජ් සෝමදේව මහතා)

සම්මුඛ සාකච්ජාව මෙතැනින්

No comments:

Post a Comment