Tuesday, July 5, 2016

බිඳුණු පුරුක් - බලන්ගොඩ මානවයාගේ සිට විජය දක්වා

අපේ රටේ ඉතිහාසය ගත්තම එහි එක කාලයක් එනම් ක්‍රි.පු. 600 දක්වා නියෝජනය කරනවා විජය කුමාරයා. ඊළගට බලංගොඩ මානවයා අවුරුදු 12,500 දක්වා ඈත කාලයක් නියෝජනය කරනවා. මේ අවුරුදු 12500 යි මීට අවුරුදු 2500 කට කලින් යුගයයි අතර තියෙන පරතරය ගැන ඇත්තම අපි කිසිවක් දන්නේ නෑ. අපි දැනට අවුරුදු 9ක් තිස්සේ ලංකා ඉතිහාසයේ තියෙන මේ කළු කොටස විග‍්‍රහ කරන්න, තේරුම් කරන්න, පර්යේෂණ මාලාවක් දියත් කර තිබෙනවා. ඒ කොටස ගැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඊට හේතුව තමයි ගල් යුගයක ඉදලා ඉතිහාස යුගයකට පරිවර්තනය වෙන එක අපිට හදාරන්න පුළුවන් මේ අදුරු කාලපරිච්ඡේදය ඉගෙන ගැනීමෙන් පමණයි. මේ කාල පරිච්ඡේදය තුළ හුගක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. දඩයක්කාරයෝ යම්කිසි විදියකට ගොවියන් බවට පරිවර්තනය වීමේ පියවරක් අරන් තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන සොයමින් ඉන්නවා.

(මහාචාර්ය රාජ් සෝමදේව මහතා) 

සම්මුඛ සාකච්ජාව මෙතනින් 


1 comment: