ලංකා ඉතිහාසයේ තිබෙන මේ අදුරු කාල පරිච්ඡේදය සෙවීම සදහා 2006 දී විතර අපි කල්පනා කළා අලුත් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කරන්න. අපි හිතුවා අඩුම තරමේ මේක විසදන්න අවුරුදු 15 ක් වත් යයි කියලා. දැන් අපි එයින් අවුරුදු 9 ක්ම ගත කරලා තියෙනවා. තව අවුරුදු හයක් ඉදිරියට තියෙනවා. නමුත් මට හිතෙනවා අවුරුදු පහළොවෙන්වත් මේ වැඩේ කරන්න බැරි වෙයි අපට ලැබී තිබෙන සාක්ෂි අනුව. පහුගිය අවුරුදු 9 තුළ අපට ලැබී තිබෙන සාක්ෂි ඉතාම සුබවාදී ඒවා. ඇත්තෙන්ම බලංගොඩ මානවයා එක තැනම පල්වෙවී ඉන්නේ නැතුව මේ ඉතිහාසය දෙසට යම්කිසි තල්ලුවීමක් සිදුවුනා කියන කාරණාව තහවුරු කරන්න අවශ්‍ය කරන සුන්බුන් සාධක දැන් අපට හම්බවෙලා තියෙනවා. මේ අපේ පර්යේෂණ අවම වශයෙන් ඉදිරියටත් තව අවුරුදු 6ක් කරන්න තියෙනවා. මං හිතනවා මේ අවුරුදු 06 දී අපට යම්කිසි විදිහේ මග පෙන්විමක් ලැබෙයි මේ ගල් යුගයේ හිටපු මිනිස්සු දිර්ඝ කාලයක් කොහොමද මේ රටේ ඉතිහසයට ඇතුල් වෙන්නේ කියන එක ගැන.
මේ පර්යේෂණ අපි හුගක් කේන්ද්‍රගත කරලා තියෙන්නෙ මධ්‍ය කදුකරයේ දකුණු බෑවුම් ප‍්‍රදේශයට. ඒක අපි නියැදියක් හැටියටයි අරන් තියෙන්නෙ.මොකද මේ උඩ කඳු බෑවුම්වල ඉදලා පහළට එන කොට අපිට දේශගුණික කලාප කිහිපයක් පසු කරන්න පුළුවන් වෙනවා. ඉන් අපට පුළුවන් වෙනවා මේ පැරණි මිනිස්සු එකිනෙකට වෙනස් දේශගුනික කලාපවලට අනුවර්තනය වුනේ කොහොමද කියලා දැනගන්න. එය වැදගත් කාරණයක්. ඉතින් අපි පර්යේෂණ කටයුතුවල එක් කොටසක් වශයෙන් කූරගල, කල්තොට, දියවින්න , වැලිපොත්තේයා ය, පුහුල් යාය වගේ මධ්‍ය කදුකරයේ බෑවුම, රුහුණේ තැනිතලාවට ඒකතුවන ඒ මොහොර ප‍්‍රදේශය අපි ගවේෂණය කලා.
ඒවගේම කූරගල කදුවැටියේ තියෙන ගල්ගුහා අපි පරික්ෂා කළා. අපිට හුගක් දේවල් ඒකේදි දැක ගන්න පුලූවන් වුණා. අපි එක්තරා සෙල් ලිපියක් පිටපත් කලා, ඒ සෙල් ලිපියේ තියෙන්නේ බෞද්ධ භික්ෂුන්ට පුජා කරපු ලෙනක් පිලිබද පුවතක්. එහි වැදගත්ම දේ තමයි එම සෙල් ලිපිය යට "යගෂ" කියලා වචනයක් කොටලා තියෙනවා. ඉන් අදහස් කරන්නෙ "යකුන්ගේ " කියෙන අර්ථයයි. ඒ කියන්නෙ ඒ සෙල් ලිපිය කරවා තිබෙන අය තමන් හදුන්වාගෙන තිබෙන්නේ යක්ෂයින් හැටියටයි. ඒ නිසා අපි පුරාවිද්‍යාත්මක සාධක හා සාහිත්‍ය සාධක කියන දෙකම එකට බද්ධ කරලා මේ අපේ ස්වදේශික ප‍්‍රජාව බුදුදහම පිලිබඳ දැනීම විතරක් නෙමෙයි ලෝහ නිෂ්පාදනය කලේ කොහොමද, ශාක පරිභෝජනය කලේ කොයි විදිහටද, ඇයි එහෙම කළේ මොන කාලවලද කියන එක පිලිබදව ගැටළු නිරාකරණය කිරීම තමයි අපේ අවුරුදු 15 වේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බවට පත්වෙලා තියෙන්නේ.
(මහාචාර්ය රාජ් සෝමදේව)
සම්මුඛ සාකච්ජාව මෙතැනින්
No comments:
Post a Comment